If you can't read,please click on here.

Friday, December 11, 2009

මගේ ඡන්දෙ ඉවරයි - ෆොන්සේකා දිනුම් ?


සාමාන්‍යයෙන් ඡන්ද කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමාය.ඡන්දයක් ප්‍රකාශයට පත්වූ මොහොතේ සිට දිවා රෑ වෙහෙසෙමින් අවසාන නිල ප්‍රතිඵලය දක්වා එතුමාට විශාල කාර්යභාරයක් පැවරේ.එහෙත් නවීන තාක්ෂණයේ දියුණුව නිසා දැන් අපි වගේ අයටත් ඡන්ද තියන්නට පුළුවන.මමත් එහෙම ඡන්දයක් කළා.මේකෙන් කිසිම විටක රටේම මතය නම් නිරූපනය වෙන්නේ නෑ.කොහොම වුනත් මං තියන්න හිතපු මේ ඡන්දෙදි මං ඇහුවෙ,මී ළඟ ජනාධිපතිවරණයේදී ඔබ තුමන්ලා ඡන්දෙ දෙන්නේ කාටද කියලායි.මුළු අන්තර් ජාලය පුරාම මෙවැනි ඡන්ද (polls) රාශියක් පැවැත්වෙද්දී,මගේ පුංචි මත විමසීමේදී ඡන්දය පාවිච්චි කළ 190 දෙනාට මම ස්තුති වෙමි.එහි ප්‍රතිඵලයන් අනුව
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද 106 ක් හෙවත් 55%ක්
ද,
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්ද 82 ක් හෙවත් 43%
ක්ද
ලැබී තිබුණි.2% වෙනතු අපේක්ෂකයන් ලෙස සටහන් විය.

එක් අයෙකු මගේ ඡන්ද විමසීමේ දී අපූරු comment එකක් ලියා තිබුණි. ඔහු ඇසුවේ මෙයින් වැඩි පුර ඡන්ද ගන්නාට ජනාධිපතිකම දෙනවාද කියාය.අනේ එහෙම දෙන්න විදියක් නම් නැති බව හැබෑය.අනෙක් අතට මෙය ඡන්ද 200ක්වත් පාවිච්චි වී නැති අවස්ථාවකි.එසේම මීට පිවිසෙන්නේ අන්තර් ජාලය භාවිතා කරන අය අතුරෙනුත්,සිංහල බ්ලොග් කියවනය වෙත එන අය පමණි.එබැවින් මෙය තවත් එක් මත විමසීමක් පමණි.එහෙත් මෙහි ඡන්දය භාවිතා කිරීමට විවෘත වූත්,නිදහස්වූත් අවස්ථාවක් තිබුණු බැවින් මෙම ප්‍රතිඵලය යමෙකුට පක්ෂපාතී වීමට හැකියාවක් තිබුණේ නැත.දැනට ප්‍රතිඵලය නම් ඔන්න ඕකය.ඒ කියන්නේ,සිංහල බ්ලොග් කියවනයට පිවිසෙන්නන් අතරින් බහුතරයක් ෆොන්සේකා මහතාට කැමැත්තක් පළ කර ඇත.එය එසේම මුළු රටේම වේදැයි අපි නොදනිමු.ඒක ඉතිං අපේ ඡන්ද කොමසාරිස්තුමා කරන ඇත්ත ඡන්දෙන් පස්සෙ බලා ගන්න පුළුවන් වේවි.මාතෘකාව අගට ප්‍රශ්නාර්ථයක් තැබුවේද ඒක නිසාය.

ඔබට ජය !

1 comment:

  1. මම දැනට කරන රැකියාවට අමතරව සමීක්ෂණ ආයතනවක තාවකාලික සමීක්ෂණ නිලධාරියකු වශයෙන් සේවය කරන කෙනෙක්. මම මගේ ව්‍යාපෘති සදහා ක්ෂේත්‍රයට ගිය ගමන්ම පසු ගිය සති 3නෙහි ජනාධිපතිවරණය පිළිබදවත් මගේම සමීක්ෂණයක් කලා. සති 3හිම සංක්ෂිප්ත ප්‍රතිඵල පහත දක්වා ඇත. මෙහිදී මවිසින් මගේ ප්‍රධාන සමීක්ෂණය සදහා ග්‍රාහකයින් 150ක් යොදා ගත් අතර අදාළ සති 3හිම 3වරක් එම එකම ග්‍රාහකයින් ගෙන් මෙම සමීක්ෂණය කරන ලදි. ඒ අනුව පළමු සතියට වඩා දෙවන සතිය තුලත් දෙවන සතියට වඩා තුන් වන සතිය තුලත් ප්‍රතිඵලයන් හී වෙනසක් වී ඇති ආකාරය පෙනෙන්නට ඇත. ඒ සඳහා ඉවහල් වූ කාරණා පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්නම්.

    පළමු සතිය
    මහින්ද රාජපක්ෂ 70 ( 46.6)
    සරත් ෆොන්සේකා 75 (50.0)
    තීරණයක් නැති 5 ( 03.3)

    දෙවන සතිය
    මහින්ද රාජපක්ෂ 74 (49.3)
    සරත් ෆොන්සේකා 73 (48.6)
    තීරණයක් නැති 3 (02.0)

    තෙවන සතිය
    මහින්ද රාජපක්ෂ 88 (58.6)
    සරත් ෆොන්සේකා 58 (38.6)
    තීරණයක් නැති 4 (02.6)

    ReplyDelete