If you can't read,please click on here.

Tuesday, January 12, 2010

‍අහෝ සේනාධිනායකතුමනි ! ඔබේ සංවේදී බව කොහිද ?

රජ පුටුවේ ඉන්නට තව අවුරුදු දෙකක් තිබියදී ඡන්දය කැන්දාගත් වත්මන් ජනාධිපතිතුමා හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන ආගමනයත් සමඟ තැති ගැන්මකට ලක් වූ බව නොරහසකි.එය දවසින් සවස තීව්ර වන බව දැන් දැන් දක්නට ලැබේ.අද වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අධික ලෙස උත්සන්න වෙමින් පවතින අතර,එහි බරලතලකම මොනවට කියා පාමින් තිස්සමහාරාමයේ පැවැත්වීමට නියමිත ෆොන්සේකා මහතාගේ රැලියකට යමින් සිටි බස් රථයක් වෙඩි ප්‍රහාරයකට ලක්වී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.ජනපතිවරයාගේ උරුමය සේ කියාපාන රුහුණේදී මෙවන් භේදනීය තත්වයක් නිර්මාණය වීම අතිශයින් අසංවේදී නායකයෙකුගේ නිහඬ බවත් ප්‍රජාත්‍රන්තවාදයේ මළගමත්  කියාපාන්නකි.අප උතුරේ ත්‍රස්තවාදය නිමා කළේ දකුණේ ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට නොවේ.රටේ ජනයාගේ දුක,ගමේ ගැමි සුවඳ හඳුනන නායකයාට විරුද්ධ පක්ෂයට සහයෝගය දුන් පමණින් අහිංසක වැසියන් එලොව යැවීම නොපෙනීම කෙතරම් අභාග්‍යයක් ද?
යුද්ධය ජයගත්තේ අප මහා සේනාධිනායක රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා යැයි අද රට පුරා ආණ්ඩුවට කහින්නන් කියා පාමින් සිටී.එහෙත් එවන් හමුදාවකට නායකත්වය දුන් සේනාධිනායකයා අද පොලිසීයේ නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් පාලනය කරන්නට අපොහොසත් වී තිබේ.පොලීසිය හැසිරෙන ආකාරය හා සිය ආධාරකරුවන් ජෝගි නටන විට ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න බැරි නායකයෙක් යුද්ධයට නායකත්වය දුන්නේ කෙසේද යන්න දැන්නම් ගැටළුවකි.සියල්ල සිදුවූ පසු,මේ ගැන පරීක්ෂණ අරඹනවා කියා කීවාට පලක් නැත.මේවා රාජපක්ෂ මහතා නොදුනුවත්ව වෙන දේවල් යැයි කීමට ද හැකියාවක් නොමැත.වෙනදාට අප හොර ඡන්ද ගැන අසන්නේ ඡන්දය දවසේය.දැන් තැපැල් ඡන්දයේ ඉඳන්ම හොර ඡන්ද දමන්නට පටන් ගෙන තිබේ.ඡන්ද මධ්‍යස්ථානවලට විපක්ෂ නියෝජිතයින් යෑම මඟ අවුරා තිබේ.
රට වෙනුවෙන් උදාර සේවයක් කළේ නම්,මේ ඡන්දය බලෙන් ගහලා ගන්නට අවශ්‍ය නොවනු ඇත.ඉතිරි අවුරුදු දෙක හෝ වැඩක් කර ඡන්දයට ගියා නම් මීට වඩා හොඳය.දැන් මේ කියා පාන්නේ පරාජයේ වියරුවද? විපක්ෂය ආණ්ඩුවට දමා ගසන්නට ආයුධ සොයා සොයා ඉද්දී ඒවා ගෙදරටම ගෙනත් දෙන්නේ ආණ්ඩුවෙන්ම නේද?ඡන්දයට ඇත්තේ තව දින 14 කි.හරියටම සති දෙකකි.සියලු තීරණ ජනතාව අතට භාර කරමු!



 

5 comments:

  1. තුක් නොදෝකින් මහා රජෝ මේ බලු වැඩනම්!!!

    ReplyDelete
  2. මෙහෙම දෙවල්... ඉතාම කණගාටුයි.. ජාතික එකෙයි. අයි.ටි.එන් එකයි මෙ ආරංචිය ගියොත් ඇති...
    රජතුමා දිනනවා සද්ද නැතුව හිටියනන්.... දැන් මෙ හදන්නෙ පරදින්න... කොහොම උනත් ඇත පිටිසර ගම් වල මිනිස්සුන්ට මෙවා දැනගන්න ක්‍රමයක් නැහැනෙ.. කාලකණ්නින්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට හෙනගහනවා...

    ReplyDelete
  3. දඹුල්ලේ SLFP එකට සහය දීපු පුද්ගලයාගේ මරණය සහ ඊයේ SF ට සහය දීපු පුද්ගලයාගේ මරණය සපුරා හෙලා දකිනව.. මේවා කවුරු කලත් මහ අපරාධ..

    බ්ලොග් ලියන අයට දඹුල්ලේ සිද්ධිය ගැන ලියන්න මතක් වුනේ නැති නිසයි මම මේ දෙකම දැම්මේ..

    ReplyDelete
  4. සමාවන්න නවීන්,ඔබ කියන දඹුල්ලේ සිද්ධිය ගැන මම දන්නේ නෑ.
    අදත් "ලංකාදී‍ප" මුල් පිටුවේ රන්න සිද්ධිය දාලා තියෙන්නේ "ජනාධිපතිවරණ සමයේ ප්‍රථම මිනිස් ඝාතනය" කියන සිරස්තලයෙන්.
    හැබැයි කවුරුන් කළත් මෙවැනි අපරාධ හෙළා දකිමි!

    ReplyDelete
  5. මාතෘ මූලික සමාජයක් හදන්න තමන්ගේ ප%තිපත්ති ප%කාශනයෙන් විතරක් උත්සාහ කරන පළපුරැදු නායකයන්ට මෙය ඒ තරම් සිද්ධියක් නොවන්නටද ඉඩ තිබේ. නමුත් මාතෘ මූලික සමාජයක් හදන්න යන නායකයාගේ සහචරයන් අතින්ම මාාවක් ඝාතනය වීම දෛවයේ සරදමක් වැනිය.

    ඔහු කියන දේ නොකරන නායකයෙක් බවට මෙය කදිම නිදසුනක් නොවේද?

    මොහොතක් සිතන්න....

    බත බුලතින් සපිරි හෙටක් කියූවාට හාල් එකසිය ගණනකි.

    තාරැණ්‍යට හෙටක් කියුවාට වියදම් කරන්නේ තාත්තාට පමණි.

    සුභ අනාගතයක් කියුවාට සුබ වෙන පාටක් නම් පෙනෙන්නට නැත.

    සංවේදී නාකයකා යයි කීවාට යුක්තියට සංවේදී බවක්ද නොපෙනේ.

    මේ හැම දෙයක්ම අවුල් නිසා අන්තිමට පාලම් ගැන හිතාවත් චන්දය දෙන්නට යයි කියන්ට සිදුවී ඇත.

    පාලම් ගැන හිත=වොත් චන්දය දෙන්න සිතෙන්නේම නැත.
    හේත=ව වියදම ඩබල් බව මතක් වෙන නිසාය.

    අනෙක් අතට ඔවුන් සිතන්නේ චන්දය දෙන අය පාලම් කොක=න් කියාය.

    ReplyDelete