If you can't read,please click on here.

Thursday, January 7, 2010

ආණ්ඩුව මවන බොරු හා මඩ - SF බෑනාගේ සමාගම

යුධ ජයග්‍රහණය අලෙවි කරමින් නිතරඟයෙන් මැතිවරණ ජයග්‍රහණය කරමින් සිටි ආණ්ඩුවට හදිසි ජනපතිවරණය කැඳවීමත් සමඟ මුහුණ දෙන්නට වූයේ හදිසි තත්වයකටය.අපේක්ෂා නොකළ පරිදි,යුද්ධයේ ප්‍රධාන සෙන්පති විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ඒමත්,ඒ වටා කිසිවිට එක වේදිකාවකට නොඑතැයි සිතූවන් එක් වීමත් නිසා ආණ්ඩුව දේශපාලනික වශයෙන් අවදානමකට ලක් විය.දැන් යුධ ජයග්‍රහණය පමණක් පෙරටු කරගෙන යන ගමනක් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට නැත.මේ නිසා ෆොන්සේකා යුධ හමුදාපතිවරයා වශයෙන් ලබා ගත් ජන ප්‍රසාදය පළුදු කළ යුතු බවට ආණ්ඩුව තීරණය කර තිබේ.
මුලින්ම ඔහු රට-දැය,රණ විරුවන් පාවා දෙන බවට ප්‍රචාරය කරන්නට විය.ඒ සඳහා යොදා ගැනුණේ,මීට පෙර ආණ්ඩුව විසින් කැලෑ පත්තරය යැයි හැඳින් වූද එහි ප්‍රධාන කතෘවූ ලසන්ත වික්‍රමත්‍රංග ගැන අසන විට,"ඒ මනුස්සයා කවුද?" කියා ඇසූවාවූද ආණ්ඩුවය.එහෙත් ෆොන්සේකා විසින් එම ප්‍රකාශය නිවැරදි කරන්නට වීමත්,රජයේ පාර්ශවකරුවන් ලෙස මහාචාර්ය රජීව් විජේසිංහ හා පාලිත කොහොන යන මහත්වරුන්ගේ අදහස් දැක්වීමත් නිසා තව දුරටත් "මහා පාවාදීම" නොවිකෙණෙන තත්වයට පත් විය.
මේ අතර පවතින රජය හා ජනාධිපතිවරයා අන්ත දූෂිත බවට විපක්ෂය මර හඬ දෙමින් කෑ ගසමින් සිටිද්දී රජය සිදු කරන්නේ එම චෝදනාවලට පිළීතුරු දීම පසෙකලා,විපක්ෂ අපේක්ෂකයාද හොරු ගොන්නට එක් කරන්නට වෑයම් කිරීමටය.එමගින් අප විතරක් නෙමේ එයත් හොරෙක් යැයි කීමටය.ඒ සඳහා හිටපු යුධ හමුදාපතිවරයා සිය බෑණා මාර්ගයෙන් ආයුධ ගෙන්වා කොමිස් ගැසූ බවට චෝදනා ගොනු කරන්නට විය.පෙරේදා මැති සභයට හදිසියේ කොළ කෑලි කිහිපයක් ගෙනා ආණ්ඩුවේ ඇමතිවරු ෆොන්සේකාට අවි ගනුදෙනු චෝදනාව නඟන්නට වූයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද පවසමිනි.මේ සඳහා ආණ්ඩුව පෙර සිට සාක්ෂි එකතු කරමින් සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.ෆොන්සේකා මහතාගේ බෑණාගේ යැයි පැවසෙන සමාගම කොළඹ හා ඇමෙරිකාව අතර සම්බන්ධ වෙමින් ටෙන්ඩර්වලින් ගසා කෑ බව රජය පැවසීය.ඔවුන් පැවසූයේ "හයිකෝප් ඉන්ටර්නැෂනල්"(Hicorp International) නමින් සමාගමක් පවත්‍වාගෙන යන බවයි.මෙය ඇසූ සැණින් මේ ගැන සොයන්නට වූ මාහට අදාළ සමාගමේ නමින් ඇති වෙබ් අඩවියක් සොයා ගත හැකි විය.

http://hicorp.us/index.htm

එහි මුල් පිටුවේම "දනුන තිලකරත්න" හෙවත් ෆොන්සේකා මහතාගේ බෑනාගේ නමින් ප්‍රකාශයක් සටහන් වී තිබේ.එහි පැවසෙන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදාවලට අවි සැපයූ බවත්,ඒ සම්බන්ධ සියලු වගකීම් තමා බාර ගන්නා බවත්ය.ඒ අනුව එම ප්‍රකාශය රජයේ ස්ථාවරය තහවුරු කර තිබේ.මා මොහොතකට එහි සඳහන්ව තිබූ ලිපිනය පිරික්සා බැලුවෙමි.එය "No 7 , Siebel Avenue , Colombo 5" ලෙස සටහන්ව තිබුණු බැවින් මා පුදුමයට පත්වූයේ එය මට නුදුරින් මා නොදැනුවත්ව ඇති බැවිනි.උදෑසන කාර්යාලයට පැමිණෙන විටත් එම ලිපිනය පසු කර ආ මට දැක ගත හැකි වූයේ වෙනත් ආයතනයක් එම ස්ථානයේ ඇති බව හා එහි ලිපිනය හා දුරකථන අංක අදාළ වෙබ් අඩවියේ දක්වා ඇති ආතාරයයි.මෙය ඉතා සූක්ෂම ලෙස කරන ලද්දක් විය හැකිය.එහෙත් මා දුටු දෑ මේ ඉදිරිපත් කරන්නේ හුදී ජනයාගේ පහන් සංවේගය සඳහාය.

පහත මුල් ඡායාරූපයෙන් අදාළ වෙබ් අඩවියත්,අනෙක් ඡායාරූපයෙන් දැනට එම ලිපිනයේ(මා දන්නා කාලයේ සිට) එම ස්ථානයේ පවතින සමාගමත් දක්වා ඇත.

මෙය තමාගේ ඇසේ පරාලයක් ඇති රාජපක්ෂවරුන්ට ,ෆොන්සේකාගේ ඇසේ රොඩ්ඩ හොයන්නට උඩගෙඩි‍දන්නන්ගේ ක්‍රියාවක් විය හැකිය.







6 comments:

  1. He he he This is a funny atempt to disprove... You say this site is done by the government? They took a domain in US and deployed it? It is been clearly said that this colombo Hicorp is a dummy company for the cover up. Person from that company is under arrest now by CID.

    ReplyDelete
  2. ඔබේ සූක්ෂම මග පෙන්වීම ජනතාව නොමග යවන්න දිවා ? කටුකන විමල් වැන්නන්ට මරු පහරක් ලෙසයි මා නම් දකින්නේ. මේ තරම් ලැජ්ජා නැති විදිහට ආණ්ඩුව වැඩ කරන එකෙන්ම පේනවා ඔවුන් කොයිතරම් අවාසිදායක තත්වයකද ඉන්නේ කියලා.

    ReplyDelete
  3. මෙ මනුස්සයා පරදින්න දගලන්නෙ...(මහින්ද ජනපතිතුමා)
    ITN, ජාතික එකෙ ඇතුලෙ පොඩි කුමන්ත්‍රනයක් යනවා...මහින්දව පරද්දන්න. මිනිස්සුන්ගෙ අනුකම්පාව ජෙනරල්ට දෙන්න..
    කට පියාගෙන හිටියනම් අනිවා දිනන්න තිබුනා... හැබැයි මට නම් ලංකාවෙ මිනිස්සු ගැන සුවර් එකක් නැහැ මොකද ගොඩක් දෙනා තමුන්ගෙ අදහස් වෙනස් කරගන්න කැමති නැහැ.

    ReplyDelete
  4. ඔච්චර හොදයැයි කියන ඔය සයිට් ඒක ඇයි ඔච්චර දුර්වල හා සරළ?
    මම ඇහුවේ Design ඒක ගැන.

    ReplyDelete
  5. Danuna has nothing to do with this company. He is nether partner nor associate of these guys in Colombo and he does not have any business affiliation with this company. This company is owned by a guy called Upul Ilangange, he is an army deserter lives in Edmond, Oklahoma. He is the owner of this company and Lanka Food (web based Sri Lankan food selling company) in Flower Mount, Texas. This guy is the one who throws mud at Danuna and Gen. He is working with Uruwansha and Jaliya Wickramasooriya (ambassador who is disgraced to Sri Lanka) at this stage. When he wanted to do arms deals in the past, he approached Danuna and Gen.. Both of them refused to help him in the past. Sri Lanka, media, please expose this guy. He came to Sri Lanka two weeks ago. His ticket was bought by Sri Lanka Embassy in Washington DC from Upul Travels. Disgusting Ambassador Jaliya who engages in MR's election campaign picked him up from the airport and took him to MR. Now he in Sri Lanka planning the next step...

    Posted By: Jaliya Wimal

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් අන්තර්ජාතිකව ගනුදෙනු කරන වෙබ් සයිට් එකක තියෙන්න ඕන ස්ටෑන්නර්ඩ් එක මේ සයිට් එකේ නැහැ. අනෙක් අතට ඉංගී%සි භාවිතයේ සම්මතයන් පවා කඩපු අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම බි%තාන්‍යය ඉංගී%සි භාවිතයේදී රෝයල් ඉංග්ලිෂ් භාවිත කරන බව අප දන්නවා. ඉතින් මෙයට බි%තාන්‍ය සමාගමක සම්බන්ධයක් ඇතැයි කියවෙන නිසා ඉංගී%සි අඩුපාඩුව හොදින් පේනවා. අනෙක් අතට සයිට් එකේ ඩිසයින් එකේ භාවිතා කළ ‍අක=රැ වර්ගයම දනූන නමින් ලියන ලද ලිපියට යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් ඩිසයින් පිළිබ්‍ද අවබෝධයක් ඇති අය මේ පිළිබද දැනුවත්.

    අනෙක් අතට මෙහි වෙබ් ඩිසයින් එක ඉතාමත් ප%ාථමික මට්ටමක තිබෙන්නේ. ඉතා මිළ අධික අධි තාක්ෂණික උපකරණ වැනි දෑ අලෙවි කරන සමාගමක වෙබ් අඩවියක් එසේ විය නොහැකියි. මෙය සාමාන්‍යයෙන් අනතර්ජාලය පරිහරණය කරන්නන් දන්නවා. යාන්තමින් වෙබ් ඩිසයින් පිළිබ  අවබෝධයක් ඇති අයෙක=ට වුවත් මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ හැකිය.

    මෙය කොණ්ඩේ බැදපු චීන්නුන්ට හා බුදු හාමුදුරැවන් ගල් පෙරළුවේ අංග=ලිමාල බව පවසන වවීරවංශාභිධාන විමලසාර හිමි වැන්නවුන්ට නම් මැජික් විය හැකිය.

    ReplyDelete