If you can't read,please click on here.

Wednesday, January 20, 2010

මහින්දට හොඳනම්...සරත්ට මොකද..?

"දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සදාකාලික හතුරන් ද නැත" යන ප්‍රකාශය ලෝක දේශපාලනික ඉතිහාසය විසින් කිහිප විටක් සපත කර ඇත.පිනුම් ගැසීම්,කරණම්වලින් පිරුණු පිලු මාරු දේශපාලකයින් සිටින ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම මේ සඳහා අපට උදාහරණ සපයා දෙයි.2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිට මේ වන තෙක්ම එකී පිල් මාරුවීම් නිමක් නැතිව සිදුවෙමින් තිබේ.ඒවා සිදුවන වේගය කෙතරම්ද කියතොත් මන්ත්‍රීවරයෙකුගේ නම කියා ඔහුගේ පක්ෂය ඇසුවහොත්,ඒ සඳහා එක් වරම පිළිතුරක් දීමද අපට අපහසු වන තරම්ය.මේ පිල් මාරු වඩා හාස්‍යයට හා උපහාසයට බඳුන් වන්නේ ,තමා අලුත් තැනට ආ විට පරණ අයට කියන කතා අසා සිටින විටය.මෑතකදීම අප එවැනි රංගනයක් දුටුවේ " මෑන් ඔෆ් ද මැච් සරත් ෆොන්සේකා" කියා සතියකින් ෆොන්සේකාට බනින්න පටන් ගත් ඇස්.බී.ගෙනි.එහෙත් මීට වඩා හොඳින් විහිළු සපයන්නන් සිටි බව බොහෝ අයට අමතකව ගොස් ඇත.
රවීගේ අලි මංකඩ කතාවත්,කිරිඇල්ලගේ ගොනාගේ කතාවත්,මංගලගේ ගැළවීමේ හමුදා කතාවත් නිසා ෆොන්සේකාට රෙදි ඇඳගෙන ඔවුන් සමඟ එකට හිට ගන්නට බැරියයි කියන ආණ්ඩුවේ අයට,ඊට වඩා අහන්න ප්‍රශ්න තිබෙන බව මෙහි මා දක්වන වීඩියෝව නැරඹීමෙන් සිහියට එනු ඇත.
ඊට පෙර රවී,මංගල හා කිරිඇල්ලගේ කතා ගැන මට හැඟෙන ලෙස වචන කිහිපයක් කියමි.රවී කරුණානායක යනු රට ගැන වචනයක් හෝ කතා කරන,"මව්බිම" වැනි වචනයක්වත් වේදිකාවකදී භාවිතා නොකරන,දූෂණය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති අයෙකු බව මම පිළි ගනිමි.එහෙත් ඔහු සිය ,"අලිමංකඩ-පාමංකඩ" කතාවෙන් ෆොන්සේකා මහතාට අපහාසයක් නොකළ බව එම ප්‍රකාශය නිවැරදිව සලකා බැලීමෙන් පෙනේ.ඔහු ප්‍රකාශ කළේ "මේ ආණ්ඩුව පාමංකඩ ගිහින් කියයි අලිමංකඩ ගියා කියලා-මැදවච්චියේ ගිහින් කියයි,කිලිනොච්චියේ ගියා කියලා" යනුවෙනි.ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව කරන්නේ එවැනි වැඩ බව මිසක හමුදාපතිවරයා ගැන නොවේ.ආණ්ඩුවට යුද්ධය අලෙවි කිරීමේ ගායක් තිබුණු බව පැහැදිලිය.සෑම ඡන්දයකටම යන්නට ඔන්න මෙන්න කියා යුධ ජයග්‍රහණයක් ලබා ගෙන ඡන්දයට යන්නට ආණ්ඩුවට ඕනෑ වුණු අවස්තා තිබුණි.මේ නිසා යුධ පෙරමුණ අනවශ්‍ය ලෙස හදිස්සියේ කලබල කර මෙහෙයවන්න හැදූ බවද එකල ඇතැම් පුවත්පත්වල වාර්තාවල සටහන් විණි.එබැවින් රවීගේ කතාව ඍජුවම ආණ්ඩු විරෝධීවීමක් මිස ෆොන්සේකා විරෝධී නොවූවකි.
කිරිඇල්ල පැවසුවේ "යුද්ධ කරන්න ඕනෙ ගොනෙකුට පුළුවන්.සාමය කරන්න තමා අමාරු" කියාය.ඔහු කීවේ ඇත්තය.ඉන් ප්‍රකාශ වන්නේ යුද බිමේදී රණ විරුවා විඳින දුෂ්කරත්වය හෝ කටුකත්වය පහසු දෙයක් බව නොවේ.යුද භූමිය තුළ සටන් වදින සෙබළා අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වන බවත්,එය අතිශයින් මාරාන්තික අඩවියක සිදු කෙරෙන වීර වික්‍රමයක් බවත් අපි දනිමු.එහෙත් යුද්ධෙ කරන්න පුළුවන් කියන්නේ ඒ සඳහා වන මුල් තීරණය ගැනීමයි.එක් අන්තවාදයක,එනම් තම මතයට පටහැනි වූ මතවාදයක සිටින විරුද්ධවාදීන් තලා පෙළා දමන්නට,මරා දමා ගැටළු විසඳන්නට අපහසු නැත.(එසේ කිරීමෙන් සියල්ල විසඳේනම්).එහෙත් එම අන්තවාදීන් තමාගේ මතයට ගෙන එන්නට හෝ මධ්‍යස්ථ මතයක් කරා ගෙන ඒම අතිශයින් සංකීර්ණවූත්,අපහසු වූත් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි.එයට ගත වෙන කාලය ද අධික විය හැකිය.ඒ පිළිබඳ අත්දැකීම් ද අපට ඇත.එබැවින් ලේ නොහළා විසඳුමක් ගෙන ඒම අපහසු කාර්යයක් බව කීම හමුදාවට අගෞරවයක් නොවේ.අනෙක් අතට,කිරිඇල්ල මහතා "ඕනෙ ගොනෙකු" කියා ෆොන්සේකා මහතාව අදහස් කළේ නම්,මේ යුද්ධය කළේ ෆොන්සේකා මහතා පමණක් බව ආණ්ඩුව පිළි ගැනීමක් ද කර තිබේ.අද ආණ්ඩුවේ මාධ්‍ය ෆොන්සේකා මහතා යනු එද කිරිඇල්ල කියූ "ගොනා" බව පෙන්නුම් කරන්නට උත්සාහ දරයි.
මෙහිදී ප්‍රශ්නයක් පැහැදිලිවම තිබේ නම්,ඒ මංගල කියූ කතාවය.හමුදාපතිවරයා ගැළවීමේ හමුදාවටවත් නුසුදුසු බව එදා ප්‍රකාශ කළ මංගලට අද ඔහුම රටේ ජනාධිපතිකමටත් සුදුසු යැයි කියන්නට වීම ඔහුගේ දෛවයේ සරදමකි.එහෙත් 2005 දී රනිල්ට මුව නොසෑහෙන්න බැන අද රනිල් එක්ක ඉන්න මංගලට මෙය මහ කජ්ජක් නොවිය හැක.එබැවින් ෆොන්සේකා ද මංගල මෙන්ම ඒ ප්‍රකාශ අමතක කරන්නට ඇත.
එදා මංගල මහින්ද දිනවන්නට මහත් වෙහෙසක් ගත්තේය.හිටපු ජනපතිනිය ද ඇතුළුව ඇතැම් ශ්‍රී.ල.නි.ප. නායකයින් කකුළෙන් අදින විටත්,අද කෑ ගසන ඇතැම්හු එදා රට හැර ගොස් සිටියදීත්,මංගල මහින්ද දිනවන්නට කටයුතු කළේය.අද මංගල විපක්ෂයේ සිටින්නේ සියලු ඇමති වරප්‍රසාද හා තාන්න මාන්න අත හැරලාය.
එහෙත් එදා මහින්දට "මෝඩයා","හොරා" කියා බැනපු,අදටත් තමා එ.ජා.ප.යේ සිටියදී සිදුවූ සාම ක්‍රියාදාමය විවේචනයක්ද නොකරන පිරිසක් අද මහින්දගේ ගුණ උදේ රැයේ වණමින් සිටින්නේ මහින්දගෙන් සියලු වරදාන,දොළ පිදේනි ලබා ගනිමිනි.එදා මහින්ද ජනපති නොකරන්න කියා ජනතාව ඉදිරියේ ඔවුන් බෙරිහන් දුන් ආකාරය දෙස බලන විට, (මෙතනින් බලන්න...) සරත් එ.ජා.ප.ය සමඟ සිටීම මෙතරම් කෑ ගසන්නට තරම් ප්‍රශ්නයක් යැයි නොසිතෙනු ඇත.


5 comments:

  1. අපෝ උන්නාසේලා ගැන අහිතක් කියන්න එපා. උන්නාන්සේලා බෝපැල. ආණ්ඩුවට පුළුවන් තරම් බැනපං කොල්ලො. ඒකට කමක් නෑ. හැම එකාම ගහන එකේ උබත් ගහපන් කොල්ලො.

    ReplyDelete
  2. eeka ethta natnam balana minissu hitayi uba maha godayek kiyala

    ReplyDelete
  3. "ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව කරන්නේ එවැනි වැඩ බව මිසක හමුදාපතිවරයා ගැන නොවේ"

    යුද්දෙ කලේ මහින්ද නෙවෙයි නෙ? සරත් නෙ? (විපක්ෂය කියපු විදියට). බොලේ එතකොට මැදවච්චි ගිහින් තියෙන්නෙ කවුද හැබෑට?

    "කිරිඇල්ල මහතා "ඕනෙ ගොනෙකු" කියා ෆොන්සේකා මහතාව අදහස් කළේ නම්,මේ යුද්ධය කළේ ෆොන්සේකා මහතා පමණක් බව ආණ්ඩුව පිළි ගැනීමක් ද කර තිබේ"

    දැන් ෆොනසේක මහත්තයමනෙ කියන්නෙ යුද්ධෙ දිනුවෙ උන්නැහෙ කියල. දැන් ගොනා කවුද හැබෑට?

    ReplyDelete
  4. ems මුනුත් අර මහගෙදර බලන අපෙ අම්මණ්ඩිලා ටික වගෙ අයි,ටි,එන් එකයි ජාතික එකයි බල බල බොරුවට කැගහන මිනිස්සු ටිකක්. මුන්ගෙන් බහුතරයකට මොළයක් නැහැ. මහින්ද මෙ රටට මුකුත් කරෙ නැහැ කියන්න හොදම උදාහරනය තමයි මෙ රුපවාහිණි මාධ්‍යන් දෙක. අඩුම තරමෙ මෙ මනුස්සය අවංක කෙනෙක් නම් රටෙ දියුණුව , ප්‍රජාතන්ත්‍රවාදය පතන කෙනෙක් නම් මාධ්‍යන් හසුරවද්දි මෙ ආකාරයෙන් සරත් ෆොන්සෙකා ගැන වෛරයක් දුප්පත් මිනිස්සුන්ගෙ හදවත් තුල ඇතිකරන්නෙ නැහැ. හැම කුඩා පාරකම ප්‍රධාන පාරෙ ඉදන් මිටර් පනහක් විතර කොන්ක්‍රිට් දාලා එකනුත් ගහගෙන මහින්දගෙ වටෙ ඉන්න මිනිස්සු ටික ජනපති මහින්දව රවට්ටලා. රටෙ ඉන්න විරුවන්ට මෙසෙ සලකන සංවෙදි ජනාධිපති තුමා නැවතත් පත් වෙන බව මගෙ මතයයි. මොකද එතරම් බුද්ධිමත් විදියට කල්පනා කරන බහුතර මිනිස්සු පිරිසක් මෙ රටෙ හිටියනම් මෙ රට දියුනු කරන්න අමුතුවෙන් දෙවල් කරන්න ඔනා නැහැ. දැක්කනෙ රන්නදි මැරුනු ගැහැනු කෙනා ගැන අයි.ටි.එන් එකෙ මුකුත් නැහැ. නමුත් කුරුනැගලදි මැරුනු පිරිමි කෙනා ගැන දාපු එකට ඇඩුනා. මිනිස්සු මැරෙන්නෙ හෙතුවක් නැතුව මෙ වා නවත්තන්න ක්‍රමයක් හදන්නෙ නැතුව මෙ මනුස්සයා තමුන්ගෙ දෙශපාලන පැවත්ම රැක ගන්න මෙ කරන විනාශය ප්‍රභාකර්න් කරපු දෙටත් වාඩා ලොකුයි. මොකද කුරුනැගැලදි මැරුනු කෙනාගෙ පුතයි, රන්නෙදි මැරුනු කෙනාගෙ පුතයි නිකන් ඉන්න එකක් නැහැ එත් සිංහල මිනිස්සුනෙ..

    ReplyDelete
  5. මම ගොනෙක් හූ හූ... මම අනිත් ලාංකිකයො බහුතරයක් වගේමයි.
    මම මහරජතුමාට ඡන්දෙ දෙනවා.

    ReplyDelete