If you can't read,please click on here.

Friday, November 20, 2009

කිතුණුවනි අවදිවව් ! කිතු සසුන රැක ගනිව් !

යාඥාවෙන් සුවවෙන්නට ගොස් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය සිදු වීම ගැන සමාජයේ නිර්මාණය වූ කතිකාව තවම නිමවී නොමැත.ඒ පිළිබඳ කරුණු බයිබලය හා ක්‍රිස්තුස් වහන්සේගේ වචන ඇසුරින් විග්‍රහ කරමින් මා මීට පෙර මෙම බ්ලොග් අඩවියෙන්ම ලිපියක් ඉදිරිපත් කළෙමි.එමඟින් මා පෙන්වා දුන්නේ රෝගීන් උදෙසා යාඥා කිරීම හෝ සුභාරංචිය ප්‍රකාශ කිරීම බයිබලට එකඟ බවත්,එය ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට කිසි ලෙසකින්වත් පරස්පර නොවන බවත්ය.(මතෙව් 10:8 හා මාර්ක් 16:17 හා 18 පද)කරුණා කාරණා එසේ නම්,මෙයින් වඩා අසරණභාවයට පත් වන්නේ කිතුණුවන් ය.සමාජයම මේ අයට විරුද්ධ වෙද්දී කිතුණුවන් ලෙස අප කුමක් කරමුද කියා තුෂ්නිම්භූතව බලා සිටිමු ද?මන්ද මේ මෙහෙයන් පැවැත් වූ අයද භාවිතා කළේ යේසුස් යන නාමයයි.ඔවුන්ගේ අතේ වූයේ ද බයිබලයයි.ඔවුන් පවසන්නේ ද දෙවියන් වහන්සේ ගැනයි.කිතුණුවා තුළ ඇති දෙවියන් වහන්සේ ගැන වූ ගරු බිය නිසාම මෙවැනි සිද්ධීන්වලදී ඔවුන් අසරණවීම ස්වභාවිකය.එබැවින් මා මේ ලිපියෙන් පෙරට වඩා එහා ගිය අදහසක් මතු කරන්නට උත්සාහ ගනිමි.මීට පෙර ලිපියේ දී මා;
"දැන් තවත් ගැටලුවක් තිබේ.මේ ලංකාවේ මෙවන් දෑ සිදු කරන සියලු දෑ නිවැරදිද යනුයි.මක්නිසා ද ක්‍රිස්තුස් වහන්සේ මා මීට පෙර පැවසූ දෑ ප්‍රකාශ කළා සේම තවත් වැදගත් දෙයක් කී සේක.එනම් අන්තිම කාලයේ උන්වහන්සේගේ නාමයෙන් බොහෝ දෙනෙකු පැමිණෙන බවත්,ඔවුන් රෝගීන් සුව කරමින්,යක්ෂයන් දුරු කරමින් ක්‍රියා කළ ද ඔවුන් ජනතාව මුළා කරන්නන් බවයි.එනම් දෙවියන් වහන්සේ දුන් බලය තම ලාබය උදෙසා භාවිතා කරන්නන්ය.එහෙත් මෙම කොස්වත්ත,බත්තරමුල්ලේ පාස්ටර්තුමා ද එම ගනයටම ඇතුලත් කරන්නට මම ඉක්මන් නොවෙමි.මන්ද ඔහු විසින් කරන සේවය ගැන භික්ෂූන් වහන්සේලා ද අගය කරන බව මා අසා දැක ඇති බැවින් ද,මීට පෙරත් මෙවැනි සුව කිරීමේ මෙහෙයන් ඔහු පවත්වා ඇති බැවින්ද,(එහිදී කිසිවෙකු සුව නොවූ යේ නම්,තවදුරටත් මෙවන් දෑ කළ නොහැකියයි මම සිතමි),මා දන්නා පරිදි ඔහු යේසුස් වහන්සේ පැවසූ ආකාරයේ ජනයා මුළා කරන්නෙකු බව කීමට මා සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවිනුත්ය.එබැවින් මෙවැන් කරුණු කාරණා හා පුද්ගලයන් ගැන කතා කිරීමේ දී අන්‍යාගමිකයින්ට වඩා කිතුණුවන්ද ප්‍රවේශම් සහිත විය යුතු බව මම අවධාරණය කරමි."
යනුවෙන් කොටසක් ලියා ඇත.එහිදී මා ප්‍රකාශ කළේ යේසුස් වහන්සේ ප්‍රකාශ කළ අනාවැකියට අනුව ලොවට බිහිවන මුළා කරන්නන්ගේ ගනයට අදාළ සිද්ධියට සම්බන්ධ පාස්ටර්වරුන් අයත් වේ යැයි කියන්නට තරම් ඒ වන විට මා හට ප්‍රමාණවත් කරුණු නොමැති බවයි.එහෙත් දැන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ හමුවේ කරුණු රැසක් අනාවරණය වෙමින් තිබේ.එම නිසා මෙම කරුණ ගැන පෙරට වඩා ගැඹුරෙන් බැලීමට මටද හැකියාව ලැබී තිබේ.
මා මෙම දේවස්ථානයට කිසි විටෙක ගොස් නොමැති අතර එක් දිනක් මීට ඉහතදී විහාර මහා දේවී උද්‍යානයේම පැවැත් වූ මෙහෙයකට සහභාගි වී ඇත.එහෙත් එදින එහි ඇතුළු වන කිසිවෙකුගෙන් කිසිම අය කිරීමක් කරනු ලැබුවේ නැත.එහෙත් දැන් කරුණු අනාවරණය වන අන්දමට මෙම සිද්ධිය සිදුවූ මෙහෙයට පැමිණෙන සැමගෙන් රු.20 බැගින් අය කළ බව කියවේ.තවද රැස්ව සිටින අයගෙන් මුදල් එක් රැස් කිරීම හා 20ට වැඩි ගණනක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද සාක්ෂිවලදී කියවී ඇත.මේ අනුව මෙය සේවයක් නොව ව්‍යාපාරයක් බවට පත් ව ඇති බවක් පෙනේ.අනෙක් අතට මෙය සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවද වාර්තා වේ.මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී යමක් පැහැදිලි වේ.මොවුන් මේ පෙන්වන්නේ සැබෑ දේව සේවයක් නොවේ.දෙවියන් වහන්සේගේ බලය යොදා ගෙන එය ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය කර ගෙන ඇති බවක් මෙමඟින් අවබෝධ වේ.
ක්‍රිස්තියානි සභා ලෙස හා දේවස්ථාන නමින්ම මෙරට ලියාපදිංචි වූ බොහොමයක් ස්ථාන තිබේ.ඒවා සමාගම් නොවේය.එම ස්ථානවලද මෙවැනි මෙහෙයන් පැවැත්වීම හා රෝගීන් උදෙසා යාඥා කිරීම සිදුවේ.එහෙත් මෙලෙස විශාල ක්‍රීඩාංගණවල මෙහෙයන් නොපවත්වන අතර,බොහෝ විට එම දේවස්ථානයේම පැවැත්වේ.මන්ද මෙවැනි විශාල මෙහෙයන් සංවිධානය කිරීමට විශාල මුදලක් අවශ්‍ය වේ.එබැවින් ගැටළු මතුවන්නේ මෙවැනි සමාගම් හා තනි පුද්ගලයන් විසින් මෙහෙයවන මධ්‍යස්ථාන නිසාය.මේවාට නිශ්චිත දර්ශනයකට වඩා අදාළ පුද්ගලයාගේ හිතුමනාපයට කටයුතු කිරීමට යාමෙන් කිතුණු ඉගැන්වීමට විරුද්ධ දේ ඇතුළු වන බව මගේ හැඟීමයි.
මී ළඟ ගැටලුව මතු වන්නේ මෙම ස්ථානවල සිදුවන සුව කිරීම් සම්බන්ධවයි.සැබෑ ලෙසම මෙහි රෝග සුවකිරීම් සිදුවී ඇති බව බොරුවක් නොවේ.එය බොරුවක් විය නොහැකි බව මෙම ස්ථානයට වැල නොකැඩී පැමිණෙන පිරිස්වලින්ම සිතාගත හැකිය.එසේ පැමිණෙන අය සුව නොවුනි නම්,ඉන් පසු පැවැත්වෙන මෙහෙයට සිටියාටත් වඩා අධික් පිරිසක් සහභාගී වීම ප්‍රායෝගික කාරණයක් නොවේ.තවද මෙතෙක් අදාළ දේවස්ථානයේ පැවති මෙහෙය සෑම සෙනසුරාදාවකම විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වීමට හේතු වී ඇත්තේද එහි පැමිණෙන පිරිසට ඉඩ නොමැති වීම නිසාය.එබැවින් මෙම ස්ථානය තුළ සුවකිරීම් විශාල වශයෙන් සිදුවී ඇති බව මෑත සිදුවූ මරණයන් දෙක නිසා වෙන් පමණක් බොරු කළ නොහැක.මන්ද මෙවැනි කියමනක් තිබේ.එනම්;"එක් අයෙකු බොහෝවරද,බොහෝ දෙනෙකු එක් වරද රැවටිය හැක.එහෙත් බොහෝ දෙනෙකු බොහෝ වර රැවටිය නොහැක" යනුවෙනි.
එසේ නම් වරද කාගේද?ශු.බයිබලයට අනුව දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ අනුගාමිකයන්ට විවිධ දීමනා දෙනු ලබයි.ඒවා නම්;රෝග සුව කිරීම,යක්ෂයන් දුරු කිරීම,අනාගත වාක්‍ය පැවසීම ආදී තවත් විවධ හැකියාවන්ය.(බයිබලයේ මේවා තලෙන්ත ලෙස ද හඳුන්වයි,මාර්ක් 16 පරිච්ඡේදය 11 සිට 20 පදය දක්වා).මේ කිසිවක් අදාළ පුද්ගලයගේ හැකියාවක්,බලයක් හෝ හොඳකමක් නොව දෙවියන් වහන්සේ විසින් අනෙක් මිනිසුන්ට සේවය කිරීම සඳහා දෙන වරයන් වේ.එහෙත් මේවා ලබාගත් පසු කාලයත් සමඟ ඇතැම් පුද්ගලයන් මේ බලය අනිසි ලෙස භාවිතා කරන්නට පටන් ගනී.එවැන්නන්ට වැඩි දුරක් යෑමට ඉඩ නොලැබෙන බව මේ සිදුවීමෙන් තහවුරු වී තිබේ.එබැවින් දෙවියන් වහන්සේ දුන් වරය තමාට මුදල් උපයා ගැනීමට යමෙකු භාවිතා කරන්නේ නම්,ඔහුට මේ රටේ නීතිවලින් කෙසේ වෙතත් දෙවියන් වහන්සේගෙන් සුදුසු විපාකය ලැබෙනු ඇත.ඇතැම් දේශකයින් තමාට ලැබුණ එම වරය තමාගේ බලයක් ලෙස හුවා දක්වමින් දේශනා කරනු මා විවධ මාධ්‍යවල ද දැක තිබේ.මේවා දේව වචනයට එකග නොවේ.එබැවින් යමෙක් ‍සුවකිරීමේ මෙහෙයකට හෝ වෙනත් සුභාරංචි මෙහෙයකට එන්නන්ගෙන් සතයක් හෝ අය කරන්නේ නම්,ඒ ගැන කථා කිරීමට දෙයක් ඉතිරි නොවේ.ඔවුන් පැහැදිලිවම ‍කරන්නේ ව්‍යාපාරයකි.දෙවියන් වහන්සේට අවශ්‍ය සේවකයින් මිස ව්‍යාපාරිකයන් නොවේ.තවද යම් දේශකයෙකු හෝ පිස්ටර්වරයෙකු යැයි කියා ගන්නා අයෙක්;මා වෙතට රෝගීන් ගේන්න,මම සුව කරමි,මම මෙය කරමි,මම එය කරමි,මට පුළුවන් යනුවෙන් පුරසාරම් දොඩයි නම්,ඔහු තවදුරටත් දේව සේවකයෙකු ලෙස සැලකිය නොහැක.රෝගීන්ට පහර දීම,බෙලි මිරිකීම,ශාරීරික තාඩන පීඩන කර රෝග සුව කරන ක්‍රමයක්ද බයිබලයේ සඳහන් නොවේ.එබැවින් මොවුන් රෝගීන් සුව කරතත්,බයිබලය අතේ තබා ගෙන සිටියත්,යක්ෂයන් දුරු කරතත් එබඳුවූවන් ගැන සමාජය දැනුවත් කිරීමේ වගකීම කිතුණුවා ඍජුව භාර ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.නැතිනම් එමඟින් අන්තවාදී ආගම්වාදීන්ට හා මුළුමනින්ම කිතුණු විරෝධීවූ සුළුතරයට අප මෙරට කිතු සසුනට එරෙහි වන්නටත්,ආගම්වාදය පෝෂණය කරන්නටත් රුකුල් දෙනු ඇත.එය මෙරට ආගමික සහජීවනයට මරු පහරක් වනු ඇත.
එබැවින් ක්‍රිස්තුස් වහන්සේ මෙබඳුවූවන් ගැන කල් තියා ප්‍රකාශ කර ඇති බව කිතුණුවන් මනා කොට අවබෝධ කර ගත යුතුය.(මාර්ක් 13:22,23 හා මතෙව් 7:22,23 ).මා ද මීට පෙර මෙම ස්ථානය ගැන වැඩිපුර කරුණු දැන සිටියේ නැත.අනෙක් අතට ඇතැම් ආගමික අන්තවාදීන් ගොඩනඟන බොරු චෝදනා ද වන බැවින් මේ සියල්ල ගැන එක වර නිගමනයකට ඒමට අපහසුය.
එබැවින් ඉදිරියේදී හෝ මෙවැනි ස්ථාන හා පුද්ගලයන් සම්බන්ධයෙන් කිතුණුවන් ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව අප සතු විය යුතුය.මෙවන් සිදුවීම් සිදුවීමට ඉඩදීමෙන් අගෞරවයට ලක්වන්නේ සමස්ථ ක්‍රිස්තියානි සභාවයි.තනි පුදගලයන් ඉස්මතු වෙමින් පවත්වා ගෙන යන මෙවැනි විශාල ජනකායන් රැස් කරන තවත් සංවිධාන/සමාගම් කීපයක්ම තිබේ.එබැවින් මේවා බයිබලය සමඟ සසඳා ඊට එකඟ වේද නැද්ද යන්න අපටම තීරණය කළ හැක.එය අද සිදු විය යුතු කාලීන අවශ්‍යතාවයක් වේ.එබැවින් හතු පිපෙන්නාක් මෙන් ඇතිවෙන මෙවැනි මධ්‍යස්ථාන නවතා සැබෑ කිතුණු සභාව රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස මම සියලු කිතුණුවන්ට ආදරයෙන් ඇරයුම් කරමි.

6 comments:

  1. ඔබ විසින් දක්වා තිබෙන සැලකිල්ල හා අවධානය පිළිබඳ මගේ ප්‍රණාම ය. මෙම ලිපිය පිළිබද ‍මගේ නිරික්ෂණ කිහිපයක් ද දක්වන්නට කැමැත්තෙමි:

    1. මා දැනට අවුරුදු 18 පමණ කාලයක් දේවසේවයේ නිරිත වී ඇත්තෙමි. කිතුනු දේවසේවකයන්, දේවගැතිවරුන් ලෙස අපගේ එක් සේවයක් නම්, රෝගින් බැහැ දැකීම හා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම ය. ඒ සඳහා අප නිරතරයෙන් දේවසේවකයන් වශයෙන් බැදී ඇත. මාගේ මෙම අවුරුදු 18ක කාලය තුළ, රෝගින් කිහිපදෙනෙකු යාච්ඥාවන් නිසා සුවය ලබා ඇත. මෙහිදී සුව වූ දරුවන් අවුරුදු 2-3 අතර, වයස්වල සිටිනා බැවින්, විවිධ ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යඥ යයි තමුන් විසින් ප්‍රකාශ කරනා සේ මෝහනය, එවැනි විවිධ මනෝවිද්‍යත්මක ක්‍රියාවන් හෝ හේතුවක් නිසා සුවවීමට ඔවුන් කුඩා වැඩි ය. අනෙක් අතට, මෙම රෝග සඳහා ඔවුන් විවිධ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර කළත් ‍සුව නොවූ රෝග ය. එබැවින් මේවා හාස්කම් ය. එසේ ම, මෙම අවුරුදු 18 තුළ යක්ෂ බලපෑම් නිසා රෝගී වුවන් ද මා හමුවට ගෙන‍විත් ඇත. එහිදී දේවසේවකයකු ලෙස අපෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ යාච්ඤා කිරීම ය. එසේ යාච්ඤා කොට සුව වූ රෝගින් විශාල සංඛ්‍යාවක් ඇත (මෙවැන්නන් සුවකිරීම සඳහා පහර දීම හෝ බෙලි මිරිකිමට අවශ්‍ය නැත-දිගම ම යාච්ඤා කිරීම මගින් මෙවැන්නන් නිශ්චල වේ). මෙම බලපැම් සමහර විට මානසික රෝගයක් ආශ්‍රයෙන් මතු වන්නක් විය හැකි නමුදු, එසේ යාච්ඤවෙන් සුව වූ පසු, අද දක්වා නැවත ඒ රෝග ලක්ෂණ පහළ වීම හෝ මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වී නැත. මෙලෙස සුව වූ බොහෝදෙනා ස්වකීය ආගම් අත්හැර, කිතුනුවන් බවට හැරීණි. මේ නිසා ඔවුන් සම්බන්ධ වූ ආගමික නායකයන් සමහර විට මා සමඟ උදහස් වූ අවස්ථා ද නැත්තේ නොවේ. එහෙත් මට ඔවුන්ට නැවත ඔවුන්ගේ පෙර ආගම්වලට යන්නයි බල කළ නොහැක; එසේ තමුන් කැමති ආගමක් ඇදහිම ඔවුන් සතු අයිතිය යි.

    2. ලංකාව තුළ අලුතින් බිහි වූ දේවස්ථාන ලියාපදිංචි කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන නැත. දැනට ඇති නෛතික ප්‍රතිපාද නම්, පාර්මෙන්තුවේ පනතක් මගින් අවිඡ්ඡීන්න පැවත්මක් ඇති සංස්ථාවක් බවට පත් කිරීම යි. එහෙත් එසේ කිරීම ද දේවස්ථානයක් අවුරුදු ගණනාවක් පැවතිය යුතු අතර, පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකු තුළින්, පාර්ලිමෙන්තුවට එය පොද්ගලික කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ යුතු ය. විහාරස්ථාන හා දේවාලගම් පනත, හින්දු කොවිල් සහ මුස්ලිම් පල්ලි සඳහා වෙනම සංස්ථා ගත විමට පනත් ඇත; අධිකාරිත්වයන් පිහිටුවා ඇත. එහෙත් කිතුනු දේවස්ථාන සඳහා එලෙස ප්‍රතිපාදන තවම සැකසි නැත.

    එබැවින් බොහෝ දේවස්ථාන ක්‍රම දෙකකට ලියාපදිංචිය සඳහා ඇයදුම් කරති. පළමුවැන්න, සමාගම් පනත යටතේ "ලාභනොලබන ආයනයක්/ සංගමයක් (Nonprofit Religious Association)" ලෙස හෝ සමිති පනත යටතේ "ලාභ නොලබන ආගමික සමිති" වශයෙන් ය. එහෙත් කිතුනු විරෝධි බෞද්ධ අන්තවාදින් (ඔය පුවත් පත් වලට ලිපි ලියන, ජයග්‍රණය හා හෙල උරුමයේ ශුද්ධ බෞද්ධයෝ), මෙලෙස ලියාපදිංචි වීම ද අහුරා ඇත. අද ඔබ ගොස් මේ නෛතික ප්‍රතිපාදන යටතේ (අපගේ/ ප්‍රජාවකගේ මානව අයිතිවාසිකමක්) ලියාපදිංචියට ඉල්ලුම් කළහොත්, ඔබට එය කළ නොහැකි බව දක්වන චක්‍රලේඛණයක් පෙන්වනු ඇත. එකම ක්‍රමය නම් උසාවිට ගොස් ඉහත චක්‍රලේඛනය මානව හිමිකම් කඩ කරන්නක් බවට උසාවි නියෝගයක් ගත යුතු ය. දේවස්ථානයකට සංගමයක් වශයෙන් හෝ සමිතියක් වශයෙන්, සමාගම් පනතේ හෝ සමිති පනතේ ලියාපදිංචි වීම කිසිදු වරදක් නොවේ. තෙවන විකල්පය නම්, ලියාපදිංචි නොවූ සමිතියක් ලෙස දේවස්ථානයක් පවත්වාගෙන යාමයි. මෙහිදී චංචල හා නිශ්චල දේපල අයිතින් පිළිබඳ ප්‍රශ්නයක් අති වන අතර, එය ද, ඔප්පුවක් මගින් භාරකාරීත්වයකට පැමිණි විය හැකි ය. මෙය සම්පූර්ණයෙන් ම ලංකා නිතීයට අනුකූල ය. මෙයට අමතර ව, තවත් ක්‍රම රාශියක් නීතිය පිළිබඳ දැනීමක් ඇත්තෙකුට සොයා ගත හැකි ය; එහෙත් මේ කිසිවක් දේවස්ථානයක පැවැත්මට භාධාවක් නොවේ. කිතුනුවන් "සභාව" ලෙස හඳුන්වන්නේ "කිතුනු ප්‍රජාව" මිස, අනෙක් ආගම්වල මෙන් "ගොඩනැගිල්ලක්" නොවේ.

    ReplyDelete
  2. 3. කිතුනුවන්ගේ කිර්ති නාමය කෙලසීමට, මේ අන්තවාදී බෞද්ධයෝ ඇතුලුව ජනමාධ්‍ය කිහිපයක් ස්වකීය න්‍යායපත්‍රය කොට ගෙන ඇත. මා වැඩියෙන් කියවන හා ප්‍රිය කරන "දිවයින", "ලක්බිම" වැනි පුවත්පත් කිතුනුවන් හා දේවස්ථාන අපකීර්තියට පත් කරන්නට පහර පිට පහර දෙති. මා ඔවුන් වෙත ලිපි ගියා ඇති අතර, "ලංකාදීප" පුවත්පතේ හැර, ‍අනෙකුත් එකදු පුවත් පතකවත් ඒ පිලි පළ කොට නැත. මෙයින් ම ස්වාධින යයි කියන ඔවුන්ගේ පක්ෂග්‍රහීත්වය ප්‍රකාශ වේ. ඔනැනම් කරලා බලන්න; පළවුනොත් මටත් දන්වල එවන්න. ඒසේ ම, වචන භාවිතයේ දී ද, ඔවුන් කිතුනුවන් හා දේව දේවසේවකයන් අපකීර්තිමක් වන ලෙස ලීවීම් කරයි. භික්ෂුන් වහන්සේ නම්ක් දුෂ්ශිල වූවොත් හෝ සමාජයේ වැරදි වඩක් කළහොත්, උන්වහන්සේ පත්තරේ වැටෙන්නේ "චිවරධාරියෙක්" ලෙස ය. එහෙත් දේවසේවකයකු හෝ පාස්ටර්වරයෙකු දුෂ්ශිල වූ වු විට, "දේවගැතිවරයා", "දේගැතියා", "පාස්ටර්යා" ආදී පහත් අශිලාචාර බස්වහරක් භාවිත කරයි. මෙයින් පහර ගසන්නට තැත් කරන්නේ ඔබ කිව්වාක් මෙන්, මුළු ක්‍රිස්තු ශාසනයට යි. මගේ අදහස නම් අපගේ අයිතීන් සඳහා කිතුනුවන් වශයෙක් එක් වී ඒවා ලබා ගැනීමටත්, මෙසේ නිග්‍රහ කරන ජනමාධ්‍ය හට විරෝධත්වය දැක්වීමක් කළ යුත් ය.

    "නපුර රජ යන්නේ යහපත නිහඬ වූ විට ය."

    ReplyDelete
  3. බෞද්ධ අන්තවාදය එක් පසෙකින් කෑගසන විට අනෙක් පසෙන් නිවරැදි ලෙස මේ ගැටළුව ආමන්ත්‍රණය කිරීමක් මේ ලිපිය තුලින් දැක ගත නොහැක.ඒ වෙනුවට තවත් අන්තවාදයක් කරාගෙන යනු ලබයි. මම උපතින් බෞද්ධයෙක්මි.බුදුදහම තුලද විවිධාකාරයේ භාවනා ඇත. ඒවා ආගමික දේවල්ය.බුදුදහම තුලින් මතුවන අන්තවාදය තුල මම දකින්නේ එය විද්‍යාවත් සමග මුසු කිරීමට ගොස් අනෙක් ආගම් මිත්‍යාවන් ලෙස බැහැරකිරීමට පෙළඹීමය. මට දැනෙන ලෙසට වැඩවරද්දාගන්නේ එතැනය. ඓතිහාසිකව ගොඩනැගුනු ආගම් වල සාධනීය ලක්ෂන බො‍හෝ ඇත.එය සමාජ ප්‍රපංචයක අනිවාර්ය අංගයකි.එමනිසා ඒවා විද්‍යාත්මකව තහවුරු කිරීමේ අවශ්‍යතාවක් පැනනොනගී. මා පුද්ගලිකව දකින ආකාරයට යාඥාවන් සහ භාවනාවන් අතර බොහෝ සමාන ලක්ෂන ඇත.දෙවියන් යන සාධකය හැරුනු කොට මේවායේ ම‍නොවිද්‍යාත්මක බලපෑම් ඇත. විශේෂයෙන් නූතන ‍මනෝවිද්‍යාත්මක උපදේශනයන් තුල මෙවැනි භාවනා, යාඥා ක්‍රම පාදක කොටගත් ව්‍යයායාම භාවිතා කරයි.
    ලංකාව තුල ඇත්තේ අනෙකාගේ ආගමික විශ්වාසයන්ට ගරු නොකිරීමේ තත්ත්වයි. එහිදි ආගම විසින්ම පෙනවා දෙන මූලික අවිහිංසාත්මක කරුනු මගහරියි. මෙතැන ඇත්තේ ආගම ඇත්තද, බොරුද යන්නට වඩා අනෙකාගේ විශ්වාසයන් තමන්ට පිළිගන්නට නොහැකිවීමේ අධිපතිවාදී ගැටළුවකි.
    ආගම වෙළදාමක් කරගැනීම බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු යන සියළු ආගම් වල දක්නට ඇත.මාගේ පිළිගැනීම කවරාකාර ආගමක වුවද පවතින එවැනි එළැඹුම් වලට එරෙහි විය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. බුදුදහම තුලින් මවන අන්තවාදය කුමක්ද?
      ඔබ ඔය කියන අන්තවාදීන් බෞද්ධයන්ට නොව ඔබලාමයි.සුදුදො බලේන් අගම් පැතිරුවෙ ඔය කියන අගම නමයේන් නෙද?බෞද්ධයන් බලෙන්නේ අගම පතුරවන්නනෙ නැ ඔබලාමෙන්.බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍යයා තුළ පවතින දුක නැති කිරීමේ ක්‍රමයයි. එදා මෙන්ම අදත් බුදුදහම අවශ්‍ය වන්නේ දිව්‍යලෝක සැප සම්පත් ලබාදීමට, මනුෂ්‍යලෝක සැප සම්පත් ලබා දීමට හෝ වෙනත් මොනම හෝ ලෞකික සැප සම්පත් සදාදීමට නොව, මිනිස් සිත තුළ ඇති අක් මුල් සොයා ගැනීමට අපහසු සංසාරේ, භවයෙන් භවයට එකතුවේවී කැකෑරෙමින් එන කෙලෙස් දුක් ගිනි නිවාලීමට ය.

      බුදුදහම ලෝකයේ අනෙකුත් දාර්ශනික හා ආගමික චින්තනයන් අතර විශේෂත්වයෙන් කැපී පෙනෙන්නේ නිර්මාණවාදය හා ආත්මවාදය ප්‍රතික්ෂේප කරමින් පටිච්චිසමුප්පාද ධර්ම න්‍යාය පදනම් කොටගත් ‘චිත්ත’ හෙවත් සිත පිළිබඳ යථාර්ථවාදී විවරණයක් ඉදිරිපත් කෙරෙ. ඒ අනුව සත්වයාගේ සංසාරගත පැවැත්ම හා නැවත්ම ප්‍රධාන කොට සත්වයා හා සම්බන්ධ චිත්ත සංකල්පය මූලිකම හේතු සාධකය ලෙස දක්වා ඇත. ලෝකයේ පැවැත්ම සිත පදනම් කොටගෙන සිදුවන අතර එහි නැවැත්ම ද ඒ හා සම්බන්ධව පවතින අයුරු පෙන්වා දෙයි.මෙ හෙතුවෙන් සිත දමනය කිරීමට, රැක ගැනීමට ආරක්ෂා කර ගැනීමට සංවර කර ගැනීමට එය තුළින් මහත් අර්ථයක් සපුරා ගැනීමට මෙන්ම නිසල කර ගැනීමට අවිද්‍යාව ප්‍රහාණය කොට විද්‍යාව උපදවා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට ක්ෂණ භංගුරත්වයෙන් විමුක්තිමාර්ගානුගත එකම අරමුණු වෙත පිහිටුවීම සඳහා තථාගත බුදුරදුන් විසින් අනාවරණය කරනු ලැබූ එකම මාර්ගය නම් භාවනාවයි.
      එබැවින්දේ ව සංකල්පය පදනම් කොටගත් ආත්මවාදී චින්තනය අනුව සැකසී ඇති පිළිවෙත් ක්‍රම ද බුදුදහමෙහි දැක්වෙන භාවනාමය අරමුණු හා කිසිසේත් එකඟ නොවන බැව් වටහා ගන්න

      බෞද්ධ භාවනා සහා ඔබලාගේ යාඥාවන් අතර කිසිදු සමානතාවක් නැත.ඔබ නොදත් කරුනු ගැන නොදත්සෙම ඉන්න.

      අන්තවාදීන් ඔබලා,මැවුම්කාරයේක් සිටිනවායි පවසමින් අන්තයකට කොටුව ඉද මුලාවට පක්ව සිටිනුයේ ඔබලා.

      ඔබලාගෙ ප්‍රමුකතම ලක්ෂණය වන්නේ “අහේතුක විශ්වාසයි”, “අන්ධ භක්තියි”. ඒ තුල ඇත්තේ “පිළිගැනීම” මිස විමසීම නොවේ. ඔබලාගෙ අගම විසින් උගන්වන දේ එලෙසින්ම පිළිගත යුතුය. හොදම උදාහරණ වන්නේ ඔබලාමයි.අන්ද භක්තිකයන් තුලට කිඳා බස්වන ලද සංකල්ප අඩු නොඅඩුව ඇත. “දෙවියන් විසින් ලෝකය හා සත්වයා නිර්මාණය කිරීම”, “සියල්ල දෙවියන්ට අනුව සිදුවීම”, “තම සුද්ධවූ ග්‍රන්ථයේ නිවැරදිබව” ආදිය උදාහරණ ලෙස ගත හැක. මෙවන් සංකල්ප අබියෝගයට ලක්කිරීම තහනම් කාරණයක් වීම ආගම් හදුනාගැනීමට භාවිත හල හැකි තවත් එක ලක්ෂණයක් පමණි. සරලවම කියතොත් ආගමක තුල ඇත්තේ අන්ධ භක්තියක් පමණි. එහි එන කාරණා වල නිවැරදි බව වැරදි බව විමසීමට ඉඩක් නැත.
      තවත් කරුනු අවශ්‍යනම් පංචමහාවාදය අධ්‍යනය කර බලන්න.එවිට අන්තවාදින් ඔබලාද අපද කියා වැටහෙවි.

      Delete
  4. කරුණු දැක්වීම්වලට ස්තුතියි.
    1.වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන ලියාපදිංචි කිරීමේ නීතිමය අවකාශ නොමැති බව සැබෑය.මා පැවසූයේ ගැටලු මතුවන්නේ මෙවැනි හේතු නිසා බවයි.සභාවක් ලෙස ලියාපදිංචි වී ඇති විට යම් වගකීමක් ඔවුන් වෙත පැවරේ.කෙසේ වුවද මා ප්‍රධාන වශයෙන් දක්වන්නට උත්සාහ කළේ පැමිණෙන ජනතාවගෙන් මුදල් ගැනීම හා යක්ෂාවේශ වූවන්ට කරන තාඩන පීඩන අනුව ඒවා දේව වචනයට එකඟ නැති බවයි.තවද "දිවයින" හා "ලක්බිම" ගැන ඔබ පැවසූ කරුණු ගැන මම මුලුමනින්ම එකඟ වෙමි.ඇතැම් පුවත්පත් තම කතුවැකියෙන්ම කියා ඇත්තේ දෙවියන්ට රෝග සුව කළ නොහැකි බවත්,එය සම්පූර්ණ බොරුවක් බවත්ය.තමා නොදන්නා දේ නොදන්නවා නොකියා ,එය බොරුවක් යැයි කීම මෝඩයින්ගේ ලක්ෂණයකි.

    2.මෙමඟින් තවත් අන්තවාදයකට ගමන් කිරීමට උත්සාහ කර ඇතැයි යන චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.මා පවසා ඇත්තේ ආගමික සහජීවනයට හානිවන කවර දෙයක්,කවර ආගමක සිදුවුවද එයට එරෙහිව අප කටයුතු කළ යුතු බව පමණි.

    ReplyDelete
  5. සිංහල බෞද්ධයාව මරාගෙන මේ රට බලෙන් අල්ලගන්න අපු තිරිසන් පරයන්ගෙ බයිබල් බේගල් බයිලාවත් අගමක්ද..? අනුන්ට හිංසා කරල ආගම පතුරවන්නෙ මොකාගෙ වුමනාවටද..? එහෙම හිංසාකාරී අලගොසුවන්ගෙ තරිසන් ආගමක් අදහන්නෙ මොකාද...? දැන් ඔය බයිබල් බෙගල් මොඩයන්ගෙ කරේ එල්ලපු සුද්දො f**king jesus never be happy කියන්නෙ ඇයි..?

    The Omnipotent God love you while letting evil to exist...
    🤣👉Bull Shit omnipotence of bloody Fools👈🤣👇

    ReplyDelete