If you can't read,please click on here.

Thursday, November 26, 2009

මහින්දට ගැළපේ....සරත්ට නොගැළපේ.....

ශ්‍රී ලංකාවේ දේශපාලනය කාලගුණයටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතී.අද තිබෙන්නේ මීට මාස 6කට පමණ පෙර තිබූ දේශපාලන තත්වය නොවේ.යුධ ජයත් සමඟ රජය ශ්‍රීඝ්‍ර ලෙස මැතිවරණ ජය ගනිමින් ඉදිරියට යමින් සිටියේය.එහෙත් දකුණේ ඡන්දය යමක් රජයට නැවතී හිතන්නට බල කළේය.එහෙත් ඒ සියල්ලේදී රජයට කෙසේ වෙතත් මහින්දට අභියෝගයක් ගෙනෙන යමක් පෙන්නුම් කර තිබුණේ නැත.ඒ සියල්ල සති කිහිපයකින් වෙනස් වී තිබේ.තමන්ට තරඟයක් දිය හැකි ප්‍රතිවාදියෙක් විපක්ෂයට නොසිටිද්දී රාජපක්ෂලා විසින්ම අභියෝගයක් කැන්දවා ගත්තේය.මෙතෙක් කල් යුධයේ ජයග්‍රහණය විකුණමින් ලද ජය දෙකඩ කළ හැකි අපේක්ෂකයෙක් තරඟ බිමට පැමිණ තිබේ.මේ ආගමනය රාජපක්ෂ රෙජිමය කෙතරම් සලිත කළේද යත් මෙතෙක් කල් දිය නොහැකි යැයි කී සහන ගලා ගෙන එන්නට විය.හිටි හැටියේම රණවිරු වැටුප් වැඩි විය.එහෙත් රණවිරු ස්මාරක ඉවත් විය.එදා මහරජාණෝය.අද විරුවාණෝය.එදා රටට නායකත්වය දුන් ජනපතිය.අද රට රකින වීරයාය.මේ සියල්ල සිදු වූයේ මාස කිහිපයක් තුළය.
කෙසේ වුවද යුද්ධය හැරෙන්නට දෙයක් නොකළ රාජපක්ෂ රෙජිමයට දැන් අලුතින් හිතන්නට වී තිබේ.අලුත් සටන් පාඨ අවශ්‍යව තිබේ.හදිසියේ මැතිවරණයක් කැඳවූයේ ඇයි යන්නට හේතුවක්වත් කියා ගන්නට බැරි වී තිබේ.මන්ද සැබෑ හේතුව ජනතාවට කිව නොහැකි බැවිනි.එනම්,"මේ යන විදියට ගියොත් 2011 දී මහින්දට දිනන්න බැරි වෙයි කියා බය සිතුනු නිසා" යන්නය.
දැන් රජයට සරත්ට එරෙහිව ඇති සටන් පාඨය කුමක්ද?ඔවුන් කියන්නේ සරත් එකතු වී සිටින්නේ වැරදි පිලට බවයි.මෙහිදී රජයට ජ.වි.පෙ.ට ඇඟිල්ල දිඟු කළ නොහැක.ඒ රජය යුද්‍ධෙට තල්ලු කළේද ජ.වි.පෙ. වන නිසාය.එහෙත් එයට පිළිතුරු දෙන්නට විමල් තබා තිබේ.විමල් කියන්නේ ජ.වි.පෙ. යූ.ඇන්.පී.යට එකතු වෙලා කියාය.ආණ්ඩුව කියන්නේ සරත් යූ.ඇන්.පී.යට එකතු වෙලා කියාය.ආණ්ඩුවේ අලුත්ම ප්‍රචාරණ විධියක් වී ඇත්තේ සරත්ට ගැහීම නොව සරත් වටේ සිටින එවුන්ට ගැසීමය.එතකොට සරත්ටත් වදිනු ඇත.
දැන් ප්‍රශ්නය සරත් එකතු වී සිටින්නේ තමාට නොගැළපෙන පිරිසටද යන්නය.එහෙම නම් සරත් හරි යන්නේ ද නැත.තව විදියකින් කියතොත් දේශද්‍රෝහීන්ට එකතු වූ නිසා සරත් ද දේශද්‍රෝහියෙකි.මීට කලින් මේ රටේ දේශප්‍රේමී-දේශද්‍රෝහී වෙන් කර තිබුණේ වෙන ආකාරයකටය.දැන් බෙදුම් රේඛාව ගහන්නේ අලුත් නිර්වචනයකට අනුවය.රාජපක්ෂ තුන්කට්ටුවට වැඳ නමස්කාර කරන එහෙය්යන් හා එසේ නොකරන අයට පිළිවෙලින් ‍දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යැයි කියනු ලැබේ.
දැන් සරත්ට නොගැළපෙන්නේ කුමක්ද?යුද්ධයට විරුද්ධව ප්‍රකාශ කළ අය හා සරත් එක් වෙන එක හොඳද?රණවිරුවන් හෑල්ලුවට ලක් කළා යැයි කියවෙන අය හා එක් වීම හරිද?කොහොම වුනත් සරත් එක් වී ඉන්නේ මහජන ඡන්දයෙන් පත්වූ දේශපාලකයින් පිරිසක් සමඟය.ඔවුන් කී දෑ ගැන ප්‍රශ්නයක් තිබෙන බව හැබෑය.ඒත් එතකොට මහින්දට එකතු වූ අය මහින්දට ගැළපෙන්නේ කොහොමද?මහජන ඡන්දයෙන් පහළටම වැටුන ආචාර්ය තුමා රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකි.වසර ගණනක් මෙරට සිවිල් වැසියන් හා භික්ෂුන්ද ඝාතනය කළ ත්‍රස්තවාදී නායකයා ඇමතිතුමෙකි.ඔහු ජාතික ලැයිස්තුවෙන් විත් දැන් ශ්‍රී.ල.නි.ප. උප සභාපතිවරයෙකි.හමුදාවට අවමන් කළ කාලය නිමා කළා යැයි මහින්ද කියන විට,අපේ රණවිරුවෝ අද කරුණා අම්මාන් එන විට එකත් පස හිඳ සැලුට් ගසති.ඒ රණවිරුවන්ට අලුතින්ම ගෙන දුන් අභිමානයයි.
අනෙක් අතට එදා සටන් විරාම ගිවිසුම හදනකොට ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරපු අය,දැන් මේ ආණ්ඩුවෙත් ඇමතිවරුය.එදා රනිල් සටන් විරාමයෙන් කොටියා පූසෙකු කළ බව කී අය,මහින්දට "සුනාමි හොරා" කියපු අය,යුධ විරෝධී පෙරමුණු හදාගෙන පා ගමන් ගිය අය අද ඉන්නේ සාටකේ එල්ලී ගත්ත ගමන්ය.මහින්දට මේ අය ගැළපෙද්දී,සරත්ට අර අය නොගැළපෙන්නේ ඇයි?සරත්ට ගෙදර කියා යන්නට ඉතිරිවී ඇත්තේද යූ.ඇන්.පී. ආණ්ඩුවකින් රණවිරුවන්ට ලැබුණු ඉඩමකටය.සරත්ලාව යුධ අධිකරණයට ගෙනයන්න බැරි වී තිබෙන්නේ 2002 රනිල් යුධාධිකරණ ගිවිසුමට අත්සන් නොකළ නිසාය.ඉතිං දහස් ගණන් මිනිස්සු මරපු කොටියන්ට එකතු වෙනවට වඩා රනිල් හොඳයැයි සරත්ට හිතුනා වෙන්නට පුළුවන.
දැන් ආණ්ඩුව කියන විදියට එයාට අරයලාව ගැළපෙන්නේත්,මෙයාට මෙයාලව නොගැළපෙන්නේත් කොහොම ද?

4 comments:

  1. කතාව ඇත්ත.මහින්ද මොනව කලත්(තම පරපුරට හෝ) මහින්ද වටේ ඉන්න ඇමැට්ටන් (>100)ගෙන් රටට උන සෙතක් නැත

    ReplyDelete
  2. what a load of bs!

    why it doesn't suit sarath while it suits mahinda to join with terrorist supporters, etc?
    too much for your small brain ? or are you deliberately blind to the obvious?

    ppl who support mahinda have renounced their support for terrorists and helped defeat the terrorists . they will be supporting mahinda's agenda and under his conditions.
    in contrast, ppl who are supporting foneska has not renounced and/or retracted their support for terrorists and they certainly did not help defeat them. also fonseka will be working to further their agenda, under their conditions.

    now do you get the difference?

    ReplyDelete
  3. මහින්ද වටේ සිටින අය ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ නැත. දෙමළ ජාතිවාදයට කඩේ යන්නේද නැත. නමුත් සරත් වටේ සිටින අය එසේ කරති. කරුණ අම්මාන් කොටියෙක්ව සිටියේය. අද ඔහු කොටින්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැත. ඒ බව ඔහු ප්‍රකාශ කරද ඇත. නමුත් මනෝ ගනේෂන් තවමත් වැඩ කරන්නේ ඒකටය. ඒ බව ඔහු නොකියා කියා ඇත. දෙපැත්තේම ලෝක හොරු සිටින නිසා දෙපැත්තම ඒ අතින් සමානය. එනිසා සරත්ට නරක් වනෙන්)ත් මහින්දට හොඳ වන්නේත් ඔය විදියටය.

    ReplyDelete
  4. ඔබගේ පෞද්ගලික මතය මෙය වූවත් ඔබ ට රටේ බහුතර ජනතාවගේ මතය තව නොබෝ දිනකින් ප්‍රකාශ වීම තූල කරුනු හරි හෑටි අවභොද වී ප්‍රඤ්ඤාව පහල වනු ඈතෑයි සිතමි....

    ReplyDelete